ළමුන් 33 දෙනෙකුට ලිංගික අතවර කළ අඹුසැමි යුවළකට මරණීය දණ්ඩනය

ළමුන් 33 දෙනෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනාවකට වරදකරුවන් වූ අඹුසැමි යුවළකට මරණීය දණ්ඩනය නියම කළ
පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි විශේෂ අධිකරණයකින් මෙම දඬුවම් නියමකර ඇති බවයි වාර්තා වන්නේ.

විත්තිකරුවන් වන රාම්භවන් සහ බිරිඳ දුර්ගාවතීට, ලිංගික අපරාධවලින් දරුවන් ආරක්ෂා කිරීමේ පනතේ වගන්ති කිහිපයක් යටතේ මෙලෙස වරදකරුවන් කර තිබෙනවා.

ඒවාට අස්වාභාවික වැරදි, උග්‍ර වූ විනිවිද යාමේ ලිංගික අපරාධ, ළමා කාමුක දර්ශන සහ සාපරාධී කුමන්ත්‍රණය යනාදිය ඇතුළත් වනවා.

අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් නියෝග කර ඇත්තේ වින්දිතයින්ට එක් අයෙකුට ඉන්දීය රුපියල් ලක්ෂ 10 බැඟින් වන්දි මුදලක් ගෙවන ලෙසයි.

ඊට අමතරව විත්තිකරුගේ නිවසින් සොයා ගන්නා ඕනෑම මුදලක් වින්දිතයින් අතර සමානව බෙදා හැරිය යුතු බවටද නියෝග කර තිබෙනවා.

වරදකරුවන් වූ රාම්භවන් සහ බිරිඳ දුර්ගාවතී 2010 සහ 2020 අතර කාලය තුළ මෙම අපරාධ සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

රාම්භවන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ ඉංජිනේරුවෙකු ලෙස සේවය කර ඇති අතර, ඔහු ළමයින් ආකර්ෂණය කර ගැනීම සඳහා විවිධ ක්‍රම භාවිත අර ඇති බවයි විමර්ශනවල දී හෙළිවී ඇත්තේ.

මාර්ගගත වීඩියෝ ක්‍රීඩා වෙත ප්‍රවේශවීම, මුදල් සහ තෑගි ලබාදීම වැනි උපක්‍රමයක් ඔවුන් දරුවන්ව ආකර්ෂණය කර ගැනීමට යොදාගෙන තිබෙනවා.

ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යාංශය විසින් මොවුන් දෙදෙනාට එරෙහිව 2021 වසරේ පෙබරවාරි මාසයේදී චෝදනා පත්‍ර ගොනුකර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
4
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10
Video thumbnail
Kasthirama | "අපරාධ මර්දනය, නීතිය සහ භීතිය" තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන
01:38:47
Video thumbnail
තහනම් නීතියට පිපුණු මල් කොටු කළ මෙහෙයුම..දෙවියනේ..හොයාගන්න තියා හිතන්නවත් බෑ..
03:40
Video thumbnail
ගජරාමෙට පෙරූ නීතී විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි..බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
01:25
Video thumbnail
ලොරියක් ප්‍රපාතයකට පෙර#මෙන් රියදුරු රෝහලට.."එකෙක් උදව් කරන්නේ නෑනේ"
02:13
Video thumbnail
සංවිධානත්මක අපරාධකරුවන් සඳහා නව නීතියක් එළියට..නීතිය මදියි ඒකයි මෙයාලා මෙච්චර දඟලන්නේ
03:08


?