ළමුන් පැහැර ගැනීම ගැන ව්‍යාජ තොරතුරු පතුරවන අයට වැඩ වරදී

විවිධ පුද්ගලයින්ගේ ඡායාරූප, හඬ පට, වීඩියෝ දර්ශන උපයෝගී කර ගනිමින් ටොෆි, චොක්ලට් වැනි ආහාර වර්ග ලබා දී පාසල් දරුවන් පැහැර ගැනීමට උත්සාහ කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කළේ පසුගිය දිනවල ළමුන් පැහැරගැනීමට තැත් කිරීමේ සිදුවීම් සම්බන්ධව පැමිණිලි කිහිපයක් පොලිස් ස්ථාන වෙත වාර්තා වී තිබුණ ද ඒ සම්බන්ධව විමර්ශනය කිරිමේ දී හෙළිවී ඇත්තේ එම ඇතැම් පැමිණිලි අසත්‍ය බවටයි.

පැහැර ගැනීමට තැත් කිරීම්වලට අදාළ අනෙකුත් පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනයේදී ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයේ කිසිඳු තොරතුරක් මෙතෙක් තහවුරු වී නොමැති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හා අන්තර් ජාල ඔස්සේ ප්‍රචාරය කරන පුද්ගලයන්ට හා එම ප්‍රචාරයන්ට සහාය දක්වමින් කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද පොලිසිය අවධාරණය කරනවා.

මීට පෙර ද මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම දැනුවත් කිරීම් සිදු කර ඇති අතර කිසිදු වගකීමකින් තොරව මහජනතාව අතර නොසන්සුන්තාවයක් ඇති වන ආකාරයේ පල කරනු ලබන මෙවැනි පුවත්වලට නොරැවටෙන ලෙසට ශ්‍රී ලංකා පොලිසිය මහජනතාව දැනුම් දී තිබෙනවා.

Police Report
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේව බේරාගන්න විපක්ෂ ප්‍රබලයෝ පාරට බහී
06:49
Video thumbnail
පැමිණි බසයටම ය#වී එළොව ගිය මගියා..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:46
Video thumbnail
වැලිගම හදිසියේ හටගත් ගින්න නිසා ඇති වූ උණුසුම් තත්ත්වය
02:28
Video thumbnail
"පච කියන්න එපා..කෙ#විලාම යන්නේ ආ" චමින්ද කුපිත වී හොඳම එකෙන් දෙසයි
12:09
Video thumbnail
රාජපක්ෂලාට හොරු කිව්වට තාම කිසිම හොරෙක් අල්ලලා නෑ
02:56
Video thumbnail
කපිලව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකගේ කාමරයට ගිහින් ප්‍රකාශ බලෙන් ලබාගෙන ?..නීතිඥයෙක් සියල්ල හෙළිකරයි
03:05
Video thumbnail
වැඩි මිලට පෙට්‍රල් සහ ඩීසල් විකිණූ පුද්ගලයෙක් අත්අඩංගුවට
00:43
Video thumbnail
ඊශ්‍රායලය ගැන ට්‍රම්ප් කුපිත වෙයි - ලෝකයම අමාරුවේ දාන ගෑස් නිධි ප්‍රහාර
07:41
Video thumbnail
ඔයාලා එදා හිනා වුණානේ - ඕක තමයි දෛවයේ සරදම
04:46
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47