AFC Banner
AFC Banner
Empty Ad

ළමුන් පැහැර ගැනීම ගැන ව්‍යාජ තොරතුරු පතුරවන අයට වැඩ වරදී

විවිධ පුද්ගලයින්ගේ ඡායාරූප, හඬ පට, වීඩියෝ දර්ශන උපයෝගී කර ගනිමින් ටොෆි, චොක්ලට් වැනි ආහාර වර්ග ලබා දී පාසල් දරුවන් පැහැර ගැනීමට උත්සාහ කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කළේ පසුගිය දිනවල ළමුන් පැහැරගැනීමට තැත් කිරීමේ සිදුවීම් සම්බන්ධව පැමිණිලි කිහිපයක් පොලිස් ස්ථාන වෙත වාර්තා වී තිබුණ ද ඒ සම්බන්ධව විමර්ශනය කිරිමේ දී හෙළිවී ඇත්තේ එම ඇතැම් පැමිණිලි අසත්‍ය බවටයි.

පැහැර ගැනීමට තැත් කිරීම්වලට අදාළ අනෙකුත් පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනයේදී ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයේ කිසිඳු තොරතුරක් මෙතෙක් තහවුරු වී නොමැති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හා අන්තර් ජාල ඔස්සේ ප්‍රචාරය කරන පුද්ගලයන්ට හා එම ප්‍රචාරයන්ට සහාය දක්වමින් කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද පොලිසිය අවධාරණය කරනවා.

මීට පෙර ද මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම දැනුවත් කිරීම් සිදු කර ඇති අතර කිසිදු වගකීමකින් තොරව මහජනතාව අතර නොසන්සුන්තාවයක් ඇති වන ආකාරයේ පල කරනු ලබන මෙවැනි පුවත්වලට නොරැවටෙන ලෙසට ශ්‍රී ලංකා පොලිසිය මහජනතාව දැනුම් දී තිබෙනවා.

Police Report
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?