ළමා අපචාරවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න උපරිම සහාය දෙන බව විපක්ෂ නායක කියයි

රජයේ වගකීම දත්ත ඉදිරිපත් කිරීම නොව ළමා අපචාර මැඩපැවැත්වීමට ක්‍රියාමාර්ග ගැනීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

වර්තමාන සමාජයේ ළමා හිංසනය, අතවර, අපචාර, තර්ජන ගර්ජන දැවැන්ත ඛේදවාචකයක් වී ඇති අතර රජයේ බලධාරීන් පවා ළමා අපචාර ඉහළ ගොස් ඇති බවට සංඛ්‍යා ලේඛන පවා ඉදිරිපත් කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

රටේ නීති පද්ධතිය ශක්තිමත් නොවන බැවින් මෙවැනි අපචාරකරුවන්ට ලිහිල් දඬුවම් ලැබී අවසානයේ රජයේ බදු මුදලින් ඔවුන් සිරගෙයි නඩත්තු වන බවත් එබැවින් මෙකී ළමා අපචාර අප සමාජයෙන් මුලින් උපුටා දැමීම සඳහා ශක්තිමත් නීති පද්ධතියක් ගෙන විත් නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කරමින් ආරක්ෂක අංශ සවිබල ගැන්විය යුතු බව ද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරනවා. ඊට අමතරව පවතින නීති සංශෝධනය කරමින් දැඩි දඩුවම් ලබා දිය යුතු බවයි ඔහු සඳහන් කළේ.

යුගයේ මානුෂීය මෙහෙයුම ලෙස ළමා අපචාර මැඩපැවැත්වීමට ආරක්ෂක අංශ යොදා ගත යුතු අතර ඒ සඳහා විපක්ෂයක් ලෙස උපරිම සහයෝගය ලබා දෙන බැවින් දත්ත පමණක් ඉදිරිපත් නොකර දැඩි නීති රීති ගෙන එන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි විපක්ෂ නායකවරයා කියාසිටියේ.

ඔහු මෙම අදහස් පළ කළේ අද අවිසාවේල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්.

වසරකට අවස්ථා දෙකකදී විදුලි බිල සංශෝධනය කරන බවට රජය පොරොන්දු වුවත් 3 වැනි වතාවටත් විදුලි බිල සංශෝධනය කර සියයට 500කට ආසන්න ප්‍රමාණයකින් වැඩි කර ඇති බවත් මේ හේතුවෙන් බහුතරයක් ජනතාව අසරණ වී ඇති බව ද ඔහු පෙන්වා දෙනවා.

පාලකයන්ට මිනිසුන් විඳින දුක නොතේරෙන බවත් විදුලි බිල වැඩි වීම නිසා ආහාර සහ අධ්‍යාපනය සදහා පවුලක් වෙන් කර ඇති මුදල් පවා අඩු වී ඇති බවත් රට කෙතරම් බංකොලොත් වුවත් ජන දුක සම්බන්ධයෙන් අවබෝධයක් පැවැතිය යුතු වුවත් එවැනි අවබෝධයක් රජයට නොමැති බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?