හෝමාගම පොලිස් වසමේ මොරගහහේන මාර්ගයේ හෝටලයක් තුළ මනුෂ්‍ය ඝාතනයක් සිදුව තිබෙනවා.
පොලිසිය පවසන්නේ ඊයේ (09) රාත්‍රීයේ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
අදාළ හෝටලයේ හෝමාගම හරිත විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් පවත්වනු ලැබූ සාදයක් අතරතුරදී බහින්බස්වීමක් මත සිදුවූ පහරදීමකින් මෙම ඝාතනය සිදුව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ අවුරුදු 19ක සිසුවෙක්.
මොහු නිකදළුපොත, වැල්ලව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකිරීමට නියමිතව තිබෙනවා.
සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සඳහා හෝමාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













