AFC Banner
Empty Ad

හෝමාගම රෝහලෙන් පැන ගිය කොරෝනා ආසාදිතයා මරුට

හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අවස්ථා දෙකකදී පැනගිය කොරෝනා ආසාදිතයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ රාගම ඉහළගම ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි අයෙක්.

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ ඊයේ සිදුකරන ලද කොරෝනා පරීක්ෂා වලදී නව ආසාදිතයින් 30 දෙනකු හඳුනාගෙන තිබෙනවා.

මෙරටින් කොරෝනා ආසාදිතයින් එක් ලක්ෂ 74 දහස් 861 දෙනෙකු වාර්තා වන අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 1325ක් ලෙසයි.

තවදුරටත් ආසාදිතයින් 29 දහස් 747ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව එක් ලක්ෂ 43 දහස් 789ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?