දින ගණනාවක් අතුරුදහන්ව සිටි හෝටල් සේවකයෙකුගේ මළ සිරුර නුවරඑළිය ග්‍රෙගරි වැවේ පාවෙමින් තිබිය දී සොයාගෙන තිබෙනවා.
අද (06) පෙරවරුවේ මෙම මළ සිරුර සොයාගත් බවයි නුවරඑළිය පොලිසිය පැවසුවේ.
මෙලෙස සොයාගෙන ඇත්තේ ගම්පොළ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 75ක් පමණ වන පුද්ගලයෙකුගේ මළ සිරුරක්.
ඉකුත් (27) වනදා සිට මෙම පුද්ගලයා අතුරුදන්ව ඇති බවට සමාජ මාධ්‍යයේ කිසියම් පුද්ගලයෙක් විසින් සටහනක් එක්කර තිබූ බව පොලිසිය පවසනවා.
ග්‍රෙගරි වැව අසළ ප්‍රදේශවාසීන් විසින් වැවේ මළ සිරුරක් ඇති බවට ලබාදුන් තොරතුරක් මත පොලිසිය විසින් සොයාගැනුණු මෙම මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමුකර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
1
+1
+1













