හෝටලයේ බිල නොගෙවා යකා නැටූ සමන් ද සිල්වා වන්දි ගෙවයි

පානදුර ප්‍රදේශයේ හෝටලයක් තුළ පසුගිය පළමුවනදා රාත්‍රියේ ඇතිවූ ආරවුලක් හේතුවෙන් චෝදනා එල්ල වී සිටි ජනප්‍රිය ගායක සමන් ද සිල්වා ගතියට පත් පාර්ශවය වෙනුවෙන් වන්දි මුදලක් ලබා දී සිද්ධිය සමතයකට පත්කර ගැනීමට එකඟ වී තිබෙනවා.

ඒ, අනුව ගතියට පත් හෝටලය හිමිකරුවන්ට රුපියල් 25,000ක වන්දි මුදලක් ලබා දී එය සමතයකට පත්කර ගැනීමට අද (03) දහවල් එකඟ වූ බවයි පානදුර දකුණ පොලිසිය පැවසුවේ.

පැමිණිලි පාර්ශ්වය අදාළ වන්දි මුදල් ලබාගැනීමෙන් පසු, පැමිණිල්ල තවදුරටත් විභාග කිරීමට අවශ්‍ය නොවන බව දැනුම් දීමෙන් අනතුරුව දෙපාර්ශ්වයටම අවවාද කර පිටත්කර යැවූ බව එහි උසස් පොලිස් නිළධාරීයෙක් සඳහන් කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනප්‍රිය ගායක සමන් ද සිල්වා අදහස් දක්වමින් සඳහන් කළේ, එය මාධ්‍ය මඟින් ඉස්මතු වූ ආකාරයේ සිදුවීමක් නොවන බවත් රුපියල් 25,000ක් ලබාදීමෙන් පසු දෙපාර්ශ්වය සමතයකට පත් වූ බවයි.

පානදුර ප්‍රදේශයේ පිහිටි ආපනශාලාවකට ගායන ශිල්පී සමන් ද සිල්වා ඇතුළු පිරිසක් පෙරේදා (01) රාත්‍රියේ ආහාර ගැනීමට පැමිණ තිබුණා.

එහිදී සමන් ද සිල්වා ඇතුළු එම පිරිස පරාටා විස්සක් , උම්බලකඩ සම්බෝලයක් , කුකුල් මස් කිරි හා පරිප්පු කරියක් ආහාරයට ගෙන ඇති අතර ද පැණි බීම බෝතල් දෙකක් ද පානය කර තිබූ බවයි වාර්තා වුණේ.

එලෙස ආහාර ගැනීමෙන් අනතුරුව එහි බිල වන රුපියල් 1650ක මුදල නොගෙවා පිටව යාමට සැරසීමත් සමඟ ආපනශාලා සේවකයන් එයට විරුද්ධ වී ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී ආවේගශීලිව හැසිරී ඇති ගායක ශිල්පියා ඇතුළු පිරිස එහි සේවකයන් දෙදෙනකුට පහර දී පුටු මේස පොළවේ ගසා අලාභහානි සිදුකළ බවට පොලිසියට පැමිණිලි කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
25
+1
25
+1
99
+1
21
+1
13
+1
12
+1
65
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15