හොලිවුඩ් නළු ක්‍රිස්ටියන් ඔලිවර් ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට

හොලිවුඩ් නළු ක්‍රිස්ටියන් ඔලිවර් ඔහුගේ කුඩා දියණියන් දෙදෙනා ද සමඟ ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

ඔවුන් ගමන් ගත් කුඩා ගුවන් යානය ගුවන්ගත වී මොහොතකින් කැරිබියන් මුහුදට කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

කැරිබියන් හි ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩින්ස් පොලිසියට අනුව යානය ශාන්ත ලුසියා දෙසට ගමන්කරමින් තිබිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.

මෙම අනතුරෙන් යානයේ නියමු රොබට් සැක්ස් ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුගිය 04 වනදා සිදු වූ මෙම අනතුරට හේතුව මෙතෙක් පැහැදිලි නොමැති බවයි විමර්ශන සිදුකරන නිලධාරීන් සඳහන් කළේ.

ජර්මනියේ උපත ලබා ඇති ක්‍රිස්ටියන් ඔලිවර් මෙලෙස අවාසනාවන්ත ලෙස මිය යනවිට 51 හැවිරිදි වියේ පසු වූ අතර, ඔහුගේ දියණියන් දෙදෙනා 10 සහ 12 හැවිරිදි වියේ පසු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
38
+1
6
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?