කළුතර, උතුර නාගස් හන්දිය ප්‍රදේශයේ දී ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු පහක් සන්තකයේ තබාගෙන සිටි අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කළුතර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (09) පස්වරුවේ මෙම සැකකාර යුවළ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.
කළුතර නගරය සහ අවට නගරවල බහුල වශයෙන් ව්‍යාජ මුදල් සැරිසරන බවට බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකරන තිබෙනවා.
මෙම අඔුසැමි යුවළ මීට පෙර ද ව්‍යාජ මුදල් සන්තකයේ තබාගැනීම, මුද්‍රණය කිරීම ඇතුළු චෝදනාවලට අගලවත්ත, කළුතර උතුර ,කළුතර දකුණ ඇතුළු පොලිස් ස්ථාන රැසකින්ම අත්අඩංගුවට ගෙන තිබූ යුවළක්.
අත්අඩංගුවට ගැනුණු යුවළ කිතුලාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 සහ 49 යන වයස්වල පසුවන්නන්.
මෙම සැකකාර යුවළ විසින් හොරණ ,පොල්ගස්ඕවිට, කළුතර, මතුගම, පානදුර ආදී ප්‍රදේශ රැසකම මෙම ව්‍යාජ මුදල් ලබා දී භාණ්ඩ මිලදීගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් මෙම අඹුසැමි යුවළ අද (10) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.














