හොර වැලි පර්මිට් හදන හොර කච්චේරියක් වැලිකන්දෙන් වටලයි (වීඩියෝ)

ඉවක් බවක් නොමැතිව සිදුවන ගොඩවැලි කැපීම් මෙන්ම ගංගාවලින් වැලි ගොඩදැමීම් හේතුවෙන් මෙරටට සිදුව ඇති පරිසර හානිය අති විශාලයි.

මේ සම්බන්ධයෙන් කරන වැටලීම්වල දී බොහෝ විට නීතියට හසුවන්නේ දවසේ කුලියට වැලි ගොඩදැමීමට පැමිණෙන පුද්ගලයන් පමණයි.

කෙසේ වෙතත් මෙවන් පසුබිමක් තුළ විශේෂ කාර්ය බලකායේ අරලගංවිල කඳවුරේ නිලධාරීන්ට පසුගිය දිනක වැලි ජාවාරමේ මහ මොළකරුවන් පිළිබඳව තොරතුරක් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය නිලධාරීන්ගෙන් ලැබී තිබුණා.

ඒ, පොළොන්නරුව, වැලිකන්ද, බෝඅත්ත හංදිය ප්‍රදේශයේ වැලි ප්‍රවාහන ව්‍යාජ බලපත්‍ර තොග වශයෙන් නිකුත් කරන ස්ථානයක් පිළිබඳවයි.

වහා ක්‍රියාත්මක වු විශේෂ කාර්ය බලකා නිලධාරීන් අදාල ස්ථානය වැටලීමට කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?