හොරෙන් ගෙනා රත්තරන් කුඩු සමගින් අයෙක් ගුවන්තොටේ දී මාට්ටු (ඡායාරූප)

රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා රත්තරන් කුඩු (Gold Power) තොගයක් නීතිවිරෝධී ලෙස සඟවාගෙන ගෙන පැමිණි ගුවන් මගියෙකු
අද (13) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු මීගමුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

ඔහු ඩුබායි සිට ඉන්දියාවේ මුම්බායි නුවර වෙත පැමිණ, එතැන් සිට අද දින පස්වරු 12.10 ට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6E – 1185 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මොහු හැද සිටි කළිසමේ බැඳ තිබූ ඉන පටිය තුළ පැකට් ලෙස සකස් කර සගවා ගෙන මෙම රත්තරන් කුඩු මෙරටට රැගෙනවිත් තිබුණා.

එම පුද්ගලයා සන්තකයේ තිබී රත්තරන් කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 460 ක් රේගු භාරයට ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම පුද්ගලයා රේගු අත්අඩංගුවේ තබාගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතින බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

20240913 162939 2 scaled
20240913 163129 2 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59

?