AFC Banner
Empty Ad
Empty Ad

හොරෙන් එන්නත් ගසා ගෙන මාට්ටුවෙයි

නියමිත එන්නත්කරණ ක්‍රමවේදයෙන් බැහැරව ඇතැම් දේශපාලඥයින්ගේ පෞද්ගලික කාර්යමණ්ඩල සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ සිදුවීමක් පුත්තලම දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ අදාළ සිදුවීම සහ වයඹ පළාත් තුළ සිදුකරන එන්නත්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පුර්ණ විමර්ශනයක්  සිදුකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරන බවය.

“මේ ලැබුණු එන්නත් තොගය මේ රටේ මරණ අඩුකර ගැනීමට සහ රෝගීන් අඩුකර ගැනීමට භාවිත කරනවා වෙනුවට දේශපාලකයින්ගෙන් යම් යම් උපකාර ලබා ගැනීමට ඇතැම් සෞඛ්‍ය බලධාරීන් විසින් භාවිත කරන ආකාරය පේන්න තියෙනවා. වයඹ පළාත තුළ එන්නත් කිරීමේ ක්‍රියාවලිය මේකට හොඳ උදාහරණයක්. ඊයේ අපිට වාර්තා වුණා ඇතැම් දේශපලකයින්ගේ පෞද්ගලික කාර්යමණ්ඩලට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල තුළ එන්නත් ලබා දෙනවා පුත්තලම දිස්ත්‍රික්කයේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?