හොරණ දේවස්ථානයක් අසලදී දෙකක් සැකපිට අත්අඩංගුවට

හොරණ ගල් ඒදඩු ගොඩ ශාන්ත ෆො‍‍රස්ට් දේවස්ථානයට ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය කියයි .

දේවස්ථානයේ දේව මෙහෙය පැවැත්වෙමින් තිබියදී සැකකරුවන් දෙදෙනා යතුරුපැදියකින් දේවස්ථානයට පිවිසෙන මාර්ගය හරහා යාමට උත්සාහ කිරීමේදී ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් වහා ක්‍රියාත්මක වී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත .

පොලිස් විශේෂ කාර්ය බලකා , යුද්ධ හමුදා නිලධාරින් මෙන්ම පොලිස් නිලධාරීන්ට 15කට අධික සංඛ්‍යාව යොදවා ආරක්ෂාව දැඩි කර තිබූ බව පොලිස් නිලධාරියෙක් පවසයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා පරික්ෂා කිරීමේදී ඔවුන් සන්තකයේ ජාතික හැඳුනුම්පත් නොමැති බවට අනාවරණ වූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය

මන්නාරම සහ දික්ඔය පදිංචි සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 32 සහ 61 අතර පසුවන්නන් බව පොලිසිය කියයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !