කණ්ඩායම් දෙකක ඉරණම තීරණයවන සනත්ගේ අවසන් තරගය අද පල්ලෙකැලේදී

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන අවසන් තරග අද (28) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත් වෙනවා.

අද (28) පස්වරු 7.00ට ආරම්භවන මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරියගේ අවසන් තරගය ද වීම විශේෂත්වයක්.

ඒ, අනුව පාකිස්ථානය සමඟ පැවැත්වෙන මෙම තරගයෙන් පසු සනත් ජයසූරිය ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අටදෙනාගේ තරග වටයේ දෙවැනි කාණ්ඩයේ අවසන් තරගයවන මෙම තරගය පාකිස්ථානයට මෙන්ම නවසීලන්තයට ද තීරණත්මක තරගයක් වනවා.

ඊට අමතරව 2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ගමන් මඟ ජයග්‍රහණයකින් අවසන් කිරීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට ද අද තරගයේ ජය වැදගත් සාධකයක් වනු ඇති.

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අද පැවැත්වෙන මෙම තරගය පාකිස්ථානය පරදා ශ්‍රී ලංකාව ජයගතහොත් අවසන් පූර්ව වටයට සුදුකම් ලැබීමට මේ වනවිට දෙවැනි කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන පසුවන නවසීලන්තයට අවස්ථාව හිමිවනවා.

කෙසේ වෙතත් මෙම තරගය ජයගැනීමට පාකිස්ථානයට අවස්ථාව උදාවුවහොත් පාකිස්ථානයට ද අවසන් පූර්ව වටයට පිවිසීමේ හැකියාව පවතිනවා.

පාකිස්ථානයට අවසන් පූර්ව වටයට පිවිසීමට නම්, අද තරගයේ දී පළමුව පන්දුවට පහර දී ශ්‍රී ලංකාවට එරෙහිව අවම ලකුණු 64ක ජයක් වාර්තා කළ යුතු වනවා.

එසේ නොමැතිව පාකිස්ථානය දෙවැනියට පන්දුවට පහරදුන හොත් ශ්‍රී ලංකාව ලබාදෙන ඉලක්කය අවම පන්දුවාර 13යි එක් පන්දුවකින් සපුරාගැනීම අනිවාර්යයි.

එම අවස්ථා දෙකෙන් කුමන හෝ ආකාරයකට අද තරගය ශ්‍රී ලංකාව පරදා ජයගැනීමට පාකිස්ථානයට හැකියාව ලැබුනහොත් නවසීලන්තය තරගාවලියෙන් ඉවතට ඇද දමා අවසන් පුර්ව වටයට පිවිසීමට පාකිස්ථාන කණ්ඩායමට අවස්ථාව උදාවනවා.

ඒ, අනුව පාකිස්තානයට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට හැකිවුවහොත්, අවසන් පූර්ව තරගය ද ශ්‍රී ලංකාවේ දී පැවැත් වෙනවා.

මේ අතර අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුවිය හැකි බවට තොරතුරු වාර්තාවන අතර, ආබාධයකට ලක්ව සිටින කුසල් මෙන්ඩිස් ක්‍රීඩා නොකරනු ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව කමිල් මිෂාර කඩුලු රකින්නා ලෙසින් යළි ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

  1. අපෙ උන් ඔවර 10 හිටියානම් හොදටම ඇති..පකිස්තානය අපිට ගොඩක් උදවු රටක් නිසා අපෙ උන්ට සුපුරුදු..උඩ ගසා, ඔවර 10කි, මැච් එක ඉවර කරන්න හැකියාව ලැබෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39