හොරණ කුඹුකදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබු තුවක්කුකරු අල්ලයි

හොරණ කුඹුක ප්‍රදේශයේ දී පසුගිය 16 වනදා අළුයම වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට උත්සාහ කළ අයෙකු ගිනි අවියක් සමගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ වව්ලුගල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

සැකකරු අත්අඩංගුවට ගෙන කල ප්‍රශ්න කිරීමේදී වව්ලුගල පාළු ඉඩමක ගොඩගසා තිබූ පිදුරු ගොඩක සඟවා තිබූ මිලිමීටර් 9 වර්ගයේවිදේශ රටක නිෂ්පාදිත ගිනිඅවිය සහ එම අවියට යොදන ජීව උණ්ඩ 7ක් සොයාගෙන තිබෙනවා.

මීට අමතරව මෙම ඝාතනය සිදු කිරීම සඳහා භාවිතා කළ යතුරු පැදිය සහ සැකකරු හැඳ සිටි ඇඳුම් ද මේ වෙනවිට පොලිසිය සොයාගෙන ඇතැයි සඳහන්.

මෙම සැකකරු අනියම් සබඳතාවක් පවත්වාගෙන යන කාන්තාව සමඟ බරපතළ තුවාල ලද පුද්ගලයා සබඳතාවයක් පවත්වාගෙන යාම හේතුවෙන් උරණවී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?