spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හොරණ කුඹුකදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබු තුවක්කුකරු අල්ලයි

හොරණ කුඹුක ප්‍රදේශයේ දී පසුගිය 16 වනදා අළුයම වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට උත්සාහ කළ අයෙකු ගිනි අවියක් සමගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ වව්ලුගල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

සැකකරු අත්අඩංගුවට ගෙන කල ප්‍රශ්න කිරීමේදී වව්ලුගල පාළු ඉඩමක ගොඩගසා තිබූ පිදුරු ගොඩක සඟවා තිබූ මිලිමීටර් 9 වර්ගයේවිදේශ රටක නිෂ්පාදිත ගිනිඅවිය සහ එම අවියට යොදන ජීව උණ්ඩ 7ක් සොයාගෙන තිබෙනවා.

මීට අමතරව මෙම ඝාතනය සිදු කිරීම සඳහා භාවිතා කළ යතුරු පැදිය සහ සැකකරු හැඳ සිටි ඇඳුම් ද මේ වෙනවිට පොලිසිය සොයාගෙන ඇතැයි සඳහන්.

මෙම සැකකරු අනියම් සබඳතාවක් පවත්වාගෙන යන කාන්තාව සමඟ බරපතළ තුවාල ලද පුද්ගලයා සබඳතාවයක් පවත්වාගෙන යාම හේතුවෙන් උරණවී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?