AFC Banner
Empty Ad
Empty Ad

හොරණ කර්මාන්තශාලා තුනක් තාවකාලිකව වසා දමයි

හොරණ බොරලුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්තශාලා තුනක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

කොවිඩ් ආසාදිත පුද්ගලයින් 19දෙනෙකු හදුනා ගැනීම හේතුවෙන් මෙම පියවර ගත් බව ඉංගිරි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරයි.

එම කාර්යාලය සදහන් කළේ බොරලුගොඩ ආයෝජන කලාපයේ කර්මාන්තශාලා පහක අහඹු පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ බවයි.

පසුගිය බදාදා මෙම පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ බවත්, අහඹු පී.සී.ආර්. පරීක්ෂණ 30ක් අතරින් එම ආසාදිතයින් හමුවී තිබේ.

එම ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 151දෙනෙකුට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇති අතර, එහි ප්‍රතිඵල අනුව එම කර්මාන්ත ශාලා විවෘත කිරීම පිළිබද තීරණය කිරීමට නියමතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?