ඉන්දීය සංචාරය අවසන් කරමින් ජනපති යළි දිවයිනට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය පරිදි AI Impact 2026 සමුළුව සඳහා සහභාගි වීමට නවදිල්ලි නුවරට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක සිය සංචාරය සාර්ථකව නිම කර ඊයේ (20) රාත්‍රියේ යළි දිවයිනට පැමිණ තිබෙනවා.

ජනාධිපතිවරයා ඇතුළු නියෝජිත පිරිස ඊයේ (20) රාත්‍රී 10.04ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් AI Impact 2026 සමුළුව ලෝක නායකයන්, රාජ්‍යතාන්ත්‍රිකයන් සහ තාක්ෂණ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් නවදිල්ලි නුවරදී පැවැත්වුණු අතර ජනාධිපතිවරයා පසුගිය 19 වනදා ඊට සහභාගී වුණා.

19 වනදා පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක එහි නායක සැසිය ඇමතූ අතර, මානව සංහතියේ සංස්කෘතික වටිනාකම් හා හැකියාවන් ප්‍රවර්ධනයට AI තාක්ෂණය ඉවහල් කරගත යුතු බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා.

එමෙන්ම, සමුළුව අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රංශ ජනාධිපති Emmanuel Macron, බ්‍රසීලයේ ජනාධිපති Lula da Silva, අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු Sheikh Khaled bin Mohamed bin Zayed Al Nahyan, භූතානයේ අගමැති Tshering Tobgay යන අය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක් වුණා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර විශේෂ හමුවක්ද අද (20) පැවැත් වුණා.

මේ අතර, මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිත, ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති Sergio Gor සමඟ හමුවකටද එක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44