spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හොරකමේ ආ හොරාට අමතක නොවන දඬුවමක්

වෙළඳසැලකින් මුදල් සොරා ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු අල්ලා එම වෙළඳසැල ඉදිරිපිට කණුවක ගැටගසා දඬුවම් කළ පුවතක් පිළියන්දල, බටකැත්තර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අද (29) පෙරවරුවේ අදාළ පුද්ගලයා අයිස් පැකට්ටුවක් මිල දී ගන්නා මුවාවෙන් පැමිණ වෙළඳසැල්හිමියා ශීතකරණය අසලට ගිය අවස්ථාවේ දී ලාච්චුවෙන් මුදල් සොරාගෙන පළා යෑමටයි උත්සාහ කර ඇත්තේ.

මුදල් සොරාගන්නා දුටු වෙළඳසැල්හිමියා කෑගැසීමත් සමඟ ඒ අසල සිටි පිරිසක් පැමිණ එම පුද්ගලයා අල්ලා මෙලෙස බැඳ දමා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා මීට පෙරත් සොරකම් රැසකට සම්බන්ධ අයෙක් බවට හඳුනාගෙන ඇති අතර, ඔහු දැඩිලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවෙක් බව සඳහන්.

කැස්බෑව පොලිසියට මේ සම්බන්ධයෙන් කළ දැනුම්දීමකින් පසු පොලිසිය පැමිණ අදාළ පුද්ගලයා රැගෙන යාමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?