හොඳ තත්ත්වයේ කේක් කිලෝවක් රුපියල් 400ට දෙන්නේ මෙහෙමයි

බිත්තරයක් රුපියල් 35ක මුදලකටත්, මාගරින් සඳහා පනවා ඇති බදු නිදහස් කළහොත් කේක් කිලෝවක මිල රුපියල් 400ක් දක්වා පහළට ගෙන ඒමට හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

එම සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන සඳහන් කළේ රුපියල් 35ක මුදලකට බිත්තරයක් ලබාදෙන්නේ නම් කේක් කිලෝවක් රුපියල් 100කින් පහත දැමිය හැකි බවයි.

මේ වනවිට වෙළඳපොළේ හොඳ තත්ත්වයේ කේක් කිලෝවක් රුපියල් දහසක පමණ මිලකට අලෙවි වන අතර, මාගරින් කිලෝවක් සඳහා රුපියල් 900ක බදු මුදලක් පනවා තිබෙනවා.

එම බදු මුදල ද ඉවත් කරන්නේ නම් කේක් කිලෝවක් රුපියල් 400ක මුදලකට පාරිභෝගිකයා වෙත ලබාදිය හැකි බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර දේශීය බිත්තරයක් මේ වනවිට රුපියල් 40ත්, 45ත් අතර මිලකට අලෙවිවන අතර, ඒ හේතුවෙන් දේශීය බිත්තර මිලදී ගැනීමට පෙළෙඹෙන ලෙස බිත්තිර නිෂ්පාදකයින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
7
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?