හොඳ තත්ත්වයේ කේක් කිලෝවක් රුපියල් 400ට දෙන්නේ මෙහෙමයි

බිත්තරයක් රුපියල් 35ක මුදලකටත්, මාගරින් සඳහා පනවා ඇති බදු නිදහස් කළහොත් කේක් කිලෝවක මිල රුපියල් 400ක් දක්වා පහළට ගෙන ඒමට හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

එම සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන සඳහන් කළේ රුපියල් 35ක මුදලකට බිත්තරයක් ලබාදෙන්නේ නම් කේක් කිලෝවක් රුපියල් 100කින් පහත දැමිය හැකි බවයි.

මේ වනවිට වෙළඳපොළේ හොඳ තත්ත්වයේ කේක් කිලෝවක් රුපියල් දහසක පමණ මිලකට අලෙවි වන අතර, මාගරින් කිලෝවක් සඳහා රුපියල් 900ක බදු මුදලක් පනවා තිබෙනවා.

එම බදු මුදල ද ඉවත් කරන්නේ නම් කේක් කිලෝවක් රුපියල් 400ක මුදලකට පාරිභෝගිකයා වෙත ලබාදිය හැකි බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර දේශීය බිත්තරයක් මේ වනවිට රුපියල් 40ත්, 45ත් අතර මිලකට අලෙවිවන අතර, ඒ හේතුවෙන් දේශීය බිත්තර මිලදී ගැනීමට පෙළෙඹෙන ලෙස බිත්තිර නිෂ්පාදකයින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26