හොඳම ටෙස්ට් පන්දු යවන්නන් 10 දෙනා අතර ප්‍රභාත් ඉදිරියට – අසිත පහළට

ලෝක ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ දඟ පන්දු ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ස්ථාන 05කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පෙරේදා (24) දිනයේ දී සිදු කරන ලද නවතම යාවත්කාලීන දත්ත අනුවයි ප්‍රභාත් හට මුල් ස්ථාන 10න් 08 වැනි ස්ථානය හිමි ව ඇත්තේ.

ප්‍රභාත් ජයසූරිය මීට පෙර සිටියේ 13 වැනි ස්ථානයේයි.

මෙම වසරේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවැති තරගයේ දී ප්‍රභාත් ජයසූරිය පන්දුවෙන් දැක්වූ දක්ෂතා මීට හේතුව තිබෙනවා.

මීට අමතරව ප්‍රභාත් ජයසූරිය මේ වනවිට නවසීලන්තයට එරෙහිව පැවති පළමු ටෙස්ට් තරගය තුළ ද කඩුලු 09ක් දවා ගනිමින් සිය දක්ෂතා දැක්වූවා.

ඒ අනුව ප්‍රභාත් හට ප්‍රසාද ලැයිස්තුවේ ලකුණු 743ක් හිමි ව තිබෙනවා.

මේ අතර ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි අසිත ප්‍රනාන්දු ස්ථාන 02ක් පහළට ඇද වැටී තිබෙනවා.

ඔහුට හිමිව ඇත්තේ 15 වැනි ස්ථානයයි.

තවමත් මෙම සටහනේ පළමු තැන ඉන්දියාවේ රවිචන්ද්‍රන් අශ්වින් හට හිමි ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?