හොඳම ටෙස්ට් පන්දු යවන්නන් 10 දෙනා අතර ප්‍රභාත් ඉදිරියට – අසිත පහළට

ලෝක ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ දඟ පන්දු ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ස්ථාන 05කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පෙරේදා (24) දිනයේ දී සිදු කරන ලද නවතම යාවත්කාලීන දත්ත අනුවයි ප්‍රභාත් හට මුල් ස්ථාන 10න් 08 වැනි ස්ථානය හිමි ව ඇත්තේ.

ප්‍රභාත් ජයසූරිය මීට පෙර සිටියේ 13 වැනි ස්ථානයේයි.

මෙම වසරේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවැති තරගයේ දී ප්‍රභාත් ජයසූරිය පන්දුවෙන් දැක්වූ දක්ෂතා මීට හේතුව තිබෙනවා.

මීට අමතරව ප්‍රභාත් ජයසූරිය මේ වනවිට නවසීලන්තයට එරෙහිව පැවති පළමු ටෙස්ට් තරගය තුළ ද කඩුලු 09ක් දවා ගනිමින් සිය දක්ෂතා දැක්වූවා.

ඒ අනුව ප්‍රභාත් හට ප්‍රසාද ලැයිස්තුවේ ලකුණු 743ක් හිමි ව තිබෙනවා.

මේ අතර ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි අසිත ප්‍රනාන්දු ස්ථාන 02ක් පහළට ඇද වැටී තිබෙනවා.

ඔහුට හිමිව ඇත්තේ 15 වැනි ස්ථානයයි.

තවමත් මෙම සටහනේ පළමු තැන ඉන්දියාවේ රවිචන්ද්‍රන් අශ්වින් හට හිමි ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29