හොකී, කැරම් සහ හෑන්ඩ්බෝල් සංගම්හි ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි

ජාතික ක්‍රීඩා සංගම් තුනක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින්, එම සංගම්වල පාලනය තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා යටතට පැවරීමට අදාළ ගැසට් නිවේදනය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සංශෝධිත 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 සහ 33 වගන්ති ප්‍රකාරව අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුව අමාත්‍යවරයා විසින් මෙම තීරණය ගෙන ඇති අතර, ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය (අංකය 2489/48) මෙලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පෙන්වා දෙන්නේ.

ඒ අනුව,

ශ්‍රී ලංකා අත්පන්දු සංගමය (Handball)

ශ්‍රී ලංකා කැරම් සංගමය (Carrom)

ශ්‍රී ලංකා හොකී සංගමය (Hockey), යන ක්‍රීඩා සංගම්හි ලියාපදිංචිය මෙලෙස අත්හිටුවා තිබෙනවා.

මෙම ක්‍රීඩා සංගම්වල පාලනය, පරිපාලනය හා වෙනත් යම් අත්‍යවශ්‍ය කටයුතු යථායෝගී අයුරින් ඉටු කිරීම සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා “නිසි බලධාරියා” ලෙස පත් කර ඇති අතර මෙම පත් කිරීම පසුගිය (19) වැනිදා සිට ක්‍රියාත්මක වන බව සඳහන් වනවා.

මෙම පියවර ගැනීමට බලපෑ ප්‍රධාන හේතුන් ලෙස පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කරගැනීම, නව නිලධාරීන් පත්කර ගැනීම සඳහා වූ නිලවරණ ක්‍රියාවලිය විනිවිදභාවයකින් යුතුව සම්පූර්ණ කරගැනීම යන කරුණු දක්වා තිබෙනවා.

අදාළ ජාතික ක්‍රීඩා සංගම් හි සංශෝධිත ව්‍යවස්ථාව යටතේ වාර්ෂික මහ සභා රැස්වීම් පවත්වා, නිලවරණයකින් නව නිලධාරීන් තෝරා පත්කර ගන්නා තෙක් එම සංගම්වල සියලුම කාර්යයන් කරගෙන යාම සහ කළමනාකරණය කිරීමේ පූර්ණ බලය තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පවරා තිබෙනවා.

මෙම ගැසට් නිවේදනය තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අත්සනින් යුතුව 2026 මැයි 19 වැනිදා යටතේ නිකුත් කර ඇති බව වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම හොඳ වැඩක් - විපක්ෂයේ අවලාද නිසා ගරුත්වය නැතිවෙන්නේ
03:43
Video thumbnail
බලන්න ඒ තාත්තාට කොච්චරනම් සතුටුද..? කාලා ඇඳුමක් දාගෙන එන්න...
00:23
Video thumbnail
ජනතා ආදරය සජිත්ට ලැබුණු හැටි මෙන්න...
01:50
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි...
00:34
Video thumbnail
ආච්චිගේ ලක්ෂ 8 රන් මාලේ උස්සපු හොරා - "බබා ගන්න මුවාවෙන් මාලේ කඩාගෙන දිව්වා"
04:15
Video thumbnail
අනුර සහෝදරයා එද්දිම මිනිස්සුන්ට කියවුණු ඒ අපූරු වචන ටික අහලාම බලන්න...
00:36
Video thumbnail
පුතා ලෝකයක් දිනද්දී නිවසේ සිට ඒ සතුට විඳගත්තු හිතවතුන්...
00:30
Video thumbnail
දිග්ගල පාරේ ලඳු කැලෑවකින් දුම් බෝම්බ දෙකක් සොයා ග‍යි - පානදුර සලිත වෙයි
00:27
Video thumbnail
මනුස්සයෙක් වේදිකාවේ ඉදලා සජිත් වෙනුවෙන් ගැයූ කවි - "තාත්තට එහා දෙයක් කරන්න හදන පුතෙක්"
02:57
Video thumbnail
ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න ගිය සජිත්ට මිනිස්සුන්ගේ ලැබුණු ආදරය - "මම පාර්ලිමේන්තුවේ කතා කරන්නම්"
02:00