AFC Banner
Empty Ad
Empty Ad

හොංකොං ක්‍රියාකාරීන්ට එරෙහිව ක්‍රියාත්මක වූ ජාතික ආරක්ෂක නීතිය

නිල නොවන මැතිවරණයක් සංවිධානය කිරීමෙන් රජය පෙරළා දැමීමට උත්සාහ කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් හොංකොං ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරීන් 47 දෙනාගෙන් 14 දෙනෙකු වැරදිකරුවන් බවට හොංකොං අධිකරණය තීන්දු කර තිබෙනවා.

ජාතික ආරක්ෂාව පිළිබඳ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ක්‍රියාකාරීන් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කළ අධිකරණය 16 දෙනෙකු වරද පිළිගැනීම හේතුවෙන් නිදහස් කර තිබෙනවා.

වැරදිකරුවන් ලෙස තීන්දු වූ පිරිස අතර 68 හැවිරිදි හිටපු විපක්ෂ දේශපාලනඥයකුගේ සිට 27 හැවිරිදි ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු දක්වා, හොංකොං ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය නියෝජනය කළ උද්ඝෝෂකයන් සිටින බව මාධ්‍ය වාර්තා කරනවා.

පළාත් පාලන මැතිවරණය සඳහා විපක්ෂයේ අපේක්ෂකයින් තෝරාගැනීම සඳහා නිල නොවන ප්‍රාථමික තරග පවත්වමින් රජය “පෙරළීමට” උත්සාහ කළ බවට මෙම ක්‍රියාකාරීන්ට එරෙහිව චෝදනා එල්ල කර තිබුණා.

ප්‍රාථමික මැතිවරණයේ ජයග්‍රාහකයින් සැබවින්ම නීති සම්පාදකයින් ලෙස තේරී පත් වූයේ නම් ක්‍රියාකාරීන්ගේ මෙම කටයුත්ත ව්‍යවස්ථාමය අර්බුදයක් නිර්මාණය කිරීමට ඉඩ තිබූ බවටයි පැමිණිල්ල තර්ක කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?