AFC Banner
Empty Ad
Empty Ad

හෙළයේ සකළ කලා සක්විති ජැක්සන් ඇන්තනීගේ පළමු වාර්ෂික ගුණානුස්මරණය හෙටයි – ඔහු නමින් මාවතකුත් නම්කෙරේ (ඡායාරූප)

ශ්‍රී ලාංකේය සිනමාවේ සහ ටෙලි තිරයේත්, වේදිකා නාට්‍යයේත් අග්‍රගණ්‍යතම සම්මානලාභී ප්‍රවීණ ‍රංගනවේදියෙකු වූ ජැක්සන් ඇන්තනී මහතාගේ පළමු වාර්ෂික ගුණානුස්මරණය හෙට (09) දිනට යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් ඇන්තනී පවුලේ සාමාජිකයින් මෙම අසහාය කලාකරුවාට කෙරෙන ගෞරව උපහාරයක් ලෙස මහර ප්‍රාදේශීය සභාවට අයත් මාර්ගයක් ‘ ජැක්සනී ඇන්තනී’ මාවත ලෙස නම් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

වර්ෂ 1958 ජූලි මස 08 වැනි දින රාගම දී උපත ලද කොන්ගානිගේ ජෝසප් මල්සි ජැක්සන් ඇන්තනි මහතා සිය අසහාය රංගනය වෙනුවෙන් 16 වතාවක් හොඳම නළුවාට හිමි සම්මානය ද දිනා ගත්තා.

2022 වසරේ ජූලි මස 22 වැනි දින අනුරාධපුරයේ තලාව – මොරගොඩ ප්‍රදේශයේ දී සිය කැබ් රථයේ වන අලියෙකු ගැටීමෙන් සිදු වූ බරපතළ තුවාලවලින් අනතුරුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර මාස ගණනාවක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම අසහාය රංගවේදියා අභාවප්‍රාප්ත වුණා.

ජැක්සනී ඇන්තනී යනු මෙරට බිහි වූ විශිෂ්ටතම රංගනවේදියෙකු, මාධ්‍යවේදියෙකු, කෘතහස්ත ලේඛකයෙකු, ගීත රචකයෙකු, සංස්කෘතික විශ්ලේෂකයෙකු මෙන් ම ගායකයෙකු ලෙසට ද හැඳින්විය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
0
+1
11
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?