හෙළයේ සකළ කලා සක්විති ජැක්සන් ඇන්තනීගේ පළමු වාර්ෂික ගුණානුස්මරණය හෙටයි – ඔහු නමින් මාවතකුත් නම්කෙරේ (ඡායාරූප)

ශ්‍රී ලාංකේය සිනමාවේ සහ ටෙලි තිරයේත්, වේදිකා නාට්‍යයේත් අග්‍රගණ්‍යතම සම්මානලාභී ප්‍රවීණ ‍රංගනවේදියෙකු වූ ජැක්සන් ඇන්තනී මහතාගේ පළමු වාර්ෂික ගුණානුස්මරණය හෙට (09) දිනට යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් ඇන්තනී පවුලේ සාමාජිකයින් මෙම අසහාය කලාකරුවාට කෙරෙන ගෞරව උපහාරයක් ලෙස මහර ප්‍රාදේශීය සභාවට අයත් මාර්ගයක් ‘ ජැක්සනී ඇන්තනී’ මාවත ලෙස නම් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

වර්ෂ 1958 ජූලි මස 08 වැනි දින රාගම දී උපත ලද කොන්ගානිගේ ජෝසප් මල්සි ජැක්සන් ඇන්තනි මහතා සිය අසහාය රංගනය වෙනුවෙන් 16 වතාවක් හොඳම නළුවාට හිමි සම්මානය ද දිනා ගත්තා.

2022 වසරේ ජූලි මස 22 වැනි දින අනුරාධපුරයේ තලාව – මොරගොඩ ප්‍රදේශයේ දී සිය කැබ් රථයේ වන අලියෙකු ගැටීමෙන් සිදු වූ බරපතළ තුවාලවලින් අනතුරුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර මාස ගණනාවක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම අසහාය රංගවේදියා අභාවප්‍රාප්ත වුණා.

ජැක්සනී ඇන්තනී යනු මෙරට බිහි වූ විශිෂ්ටතම රංගනවේදියෙකු, මාධ්‍යවේදියෙකු, කෘතහස්ත ලේඛකයෙකු, ගීත රචකයෙකු, සංස්කෘතික විශ්ලේෂකයෙකු මෙන් ම ගායකයෙකු ලෙසට ද හැඳින්විය හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21