හෙරොයින් සමඟ අඹුසැමියෝ අත්තිඩියේ දී මාට්ටු (ඡායාරූප)

හෙරොයින් ග්‍රෑම් 855ක් සමඟ අඹු සැමි යුවලක් අත්තිඩිය ප්‍රදේශයේ දී අද (24) අලුයම අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා.

මොවුන් සන්තකයේ තිබී සොයාගත් හෙරොයින් වල වටිනාකම රුපියල් එක්කෝටි හැට ලක්ෂයක් පමණ වන බව සඳහන්.

සැකකාර අඹුසැමි යුවළ අවුරුදු 35 සහ 37 යන වයස්වල පසුවන්නන් බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් සැකකරු දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ කම්කරුවෙකු වශයෙන් සේවයේ නියැළෙන්නෙක්.

ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ, මේ වනවිට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මර්වින් ජානා නමැත්තාගේ අනියම් බිරිඳ බවට පැවසෙන රුසියාවේ පදිංචි දිලිනි නමැත්තියට මෙම මත්ද්‍රව්‍ය අයිති බවයි.

d77449b2 d414 4dec a02a aea57222bbd6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?