හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් මාලිගාවත්තේ කාන්තාව

2022.12.10 වන දින සවස් කාලයේදී මාලිගාවත්ත පොලිස් වසමේ ලක්සිරි සෙවන මහල් නිවාස සංකීර්ණය ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැටලීමක් සිදු කර ඇත.

එම වැටලීමේදී හෙරොයින් ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 535 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් වයස අවුරුදු 47ක සැකකාරිය මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි කාරිනියක් වන අතර 2022-12-11 අද දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?