හෙරොයින් කිලෝ 200 ගෙනා යාත්‍රාවේ හිමිකරු රටින් පනින්න හදද්දි කොටුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (25) සිය භාරයට ගැනුණු කිලෝග්‍රෑම් 200කට අධික හෙරොයින් තොගය ගෙන්වූ ‘ජාකොබ් පුතා’ බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරු මෙරටින් පලා යාමට උත්සාහ කිරීමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ සැකකරු මාලදිවයින බලා හොර රහසේ පලා යාමට සැලසුම් කර පැමිණ ඇත්තේ සිය යාත්‍රාවේ ගෙනා හෙරොයින් තොගය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූ පුවත සැලවීමත් සමග බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරු ඊයේ රාත්‍රියේ දී ම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවත්, එහි අවසාන ආරක්ෂක කවුළුව ද පසුකර යමින් සිටියදී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබූ බවත් අප ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළා.

වර්ණකුලසූරිය ඇන්ඩර්සන් ඉන්දික ප්‍රනාන්දු නමැති මොහු මීගමුව – පළගතුරය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

ඊයේ රාත්‍රී 08.35 ට කටුනායක ගුවන් තොටුපොළෙන් මාලදිවයින බලා පිටත්ව යාමට සූදානම් වී තිබූ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 653 දරන යානයට පිවිසීම සඳහා යි; ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත්තේ.

සියලුම ගුවන් සේවා නිෂ්කාශන කටයුතු නිමා කර ගුවන් යානයට පිවිසෙන අවසාන ආරක්ෂක කවුළුව වෙත පැමිණෙමින් සිටියදී සැකකරුව අත්අඩංගුවට ගැනුණා.

අත්අඩංගුවට ගත් මෙම ව්‍යාපාරිකයා මේ වනවිට (26) වැඩිදුර විමර්ශන සදහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ මූලස්ථානය වෙත රැගෙන ගොස් තිබේ .

හෙරොයින් තොගය සමග අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාව අද උදෑසන ගාල්ල වරාය වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රැගෙන විත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40