හෙද සේවයේ විශ්‍රාම යාම ගැන අභියාචනාධිකරණයේ අතුරු තහනම ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කරයි

රාජ්‍ය සේවයේ ශ්‍රේණි හතරක හෙද නිලධාරීන් වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ රජයේ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින්, අභියාචනාධිකරණය නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කර තිබෙනවා.

ඊට අමතරව මෙම කරුණට අදාළව අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම යළි විභාගයට ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අභියාචනාධිකරණය වෙත තවත් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

අභියාචනාධිකණය විසින් නිකුත් කළ අදාළ අතුරු තහනම් නියෝගය නීතියට පටහැනි බවත් එය බල රහිත කරන ලෙසත් ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ අභියාචනයක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය ඊයේ (17) නිකුත් කළා.

යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ ඒ. එච්.එම්.ඩී. නවාස් යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

රජයේ සේවකයින් වයස අවුරුදු 60 දී අනිවාර්යය විශ්‍රාම ගැන්වීමට ඉකුත් රජය සමයේ අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගෙන තිබුණා.

එම තීරණයට එරෙහිව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහ එහි සභාපති පූජ්‍ය මූරුත්තේට්ටුවේ ආනන්ද හිමි ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් විභාග කළ අභියාචනාධිකරණය අදාළ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වලමින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබුණා.

මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එවැනි නියෝගයක් නිකුත් කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවත් සඳහන් කරමින් නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කළා.

එම පෙත්සම විභාග කිරීමෙන් අනතුරුවයි ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
15
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?