හෙද සේවයේ විශ්‍රාම යාමේ වයස 61 දක්වා ඉහළට

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ අද (07) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

මීට අමතරව හෙදියන් 3000ක් අලුතින් බඳවා ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම හෙද පිරිස බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා සම්මුඛ පරීක්ෂණ පවත්වා අවසන් කර ඇති බවයි.

මේ වනවිට 45,000ක සංඛ්‍යාවක් හෙද සේවයේ නිරතව සිටින බවත්, පුරප්පාඩු ඇත්තේ 1,000ක් වැනි ප්‍රමාණයක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?