හෙට විශේෂ කැබිනට් රැස්වීමක්

විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් හෙට දිනයේ පැවැත්වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. හෙට පස්වරු 05ට මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සිමෙන්ති, කිරිපිටි සහ ගෑස් මිල ඉහළ නැංවීමට අදාළ යෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම සතිය තුළ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් පවත්වනු ලබන්නේ දෙවන වරටයි.

කෙසේවෙතත් සිමෙන්ති, කිරිපිටි සහ ගෑස් මිල ගණන් ඉහළ නැංවීම සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය සිදුකර ඇති යෝජනාව පසුගියදා පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවත් මේ දක්වාත් එම භාණ්ඩ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැහැ.

එමෙන්ම වත්මන් දේශපාලන හා ආර්ථික තත්ත්වයන් සම්බන්ධයෙන් ද මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විශේෂ අවධානයක් යොමුවෙනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?