හෙට විශේෂ කැබිනට් රැස්වීමක්

විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් හෙට දිනයේ පැවැත්වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. හෙට පස්වරු 05ට මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සිමෙන්ති, කිරිපිටි සහ ගෑස් මිල ඉහළ නැංවීමට අදාළ යෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම සතිය තුළ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් පවත්වනු ලබන්නේ දෙවන වරටයි.

කෙසේවෙතත් සිමෙන්ති, කිරිපිටි සහ ගෑස් මිල ගණන් ඉහළ නැංවීම සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය සිදුකර ඇති යෝජනාව පසුගියදා පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවත් මේ දක්වාත් එම භාණ්ඩ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැහැ.

එමෙන්ම වත්මන් දේශපාලන හා ආර්ථික තත්ත්වයන් සම්බන්ධයෙන් ද මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විශේෂ අවධානයක් යොමුවෙනු ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14