හෙට නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් – වෙනත් අයගේ ඡන්ද කාඩ් ළඟ තබාගත්තොත් නීතිය තදවෙයි

එළඹෙන පළාත් පාලන ආයතන මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස; හෙට (27) දිනයේ කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ඒ, අනුව එම නිල ඡන්ද පත්‍රිකා ලබාගැනීමට නිවසේ සිටින ලෙසයි මහජනතාවට මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙන්නේ.

එලෙස බෙදාහරිනු ලබන නිල ඡන්ද පත්‍රිකා යම් හෙයකින් හෙට (27) දිනයේ දී ලබාගැනීමට නොහැකිවන ඡන්ද දායකයින්ට ඔවුන් පදිංචි ප්‍රදේශයේ පිහිටි උප තැපැල් කාර්යාලය මඟින් ලබා ගැනීමට හැකියාව පවතින බවයි ඔහු අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විශේෂයෙන් දැනුම් දුන්නේ තම නිල ඡන්ද පත්‍රිකාව හැර වෙනත් අයෙකුගේ නිල ඡන්ද පත්‍රිකා තම භාරයේ තබා නොගන්නා ලෙසයි.

එලෙස වෙනත් අයවලුන්ගේ නිල ඡන්ද පත්‍රිකා සන්තකයේ තබා ගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?