හෙට නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් – වෙනත් අයගේ ඡන්ද කාඩ් ළඟ තබාගත්තොත් නීතිය තදවෙයි

එළඹෙන පළාත් පාලන ආයතන මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස; හෙට (27) දිනයේ කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ඒ, අනුව එම නිල ඡන්ද පත්‍රිකා ලබාගැනීමට නිවසේ සිටින ලෙසයි මහජනතාවට මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙන්නේ.

එලෙස බෙදාහරිනු ලබන නිල ඡන්ද පත්‍රිකා යම් හෙයකින් හෙට (27) දිනයේ දී ලබාගැනීමට නොහැකිවන ඡන්ද දායකයින්ට ඔවුන් පදිංචි ප්‍රදේශයේ පිහිටි උප තැපැල් කාර්යාලය මඟින් ලබා ගැනීමට හැකියාව පවතින බවයි ඔහු අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විශේෂයෙන් දැනුම් දුන්නේ තම නිල ඡන්ද පත්‍රිකාව හැර වෙනත් අයෙකුගේ නිල ඡන්ද පත්‍රිකා තම භාරයේ තබා නොගන්නා ලෙසයි.

එලෙස වෙනත් අයවලුන්ගේ නිල ඡන්ද පත්‍රිකා සන්තකයේ තබා ගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23