දිවයින පුරා සිටින ලොතරැයි අලෙවි නියෝජිතයින් හෙට (06) දිනයේ සිට ලොතරැයි අලෙවියෙන් ඉවත්වන බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ සංගමය පවසනවා.
කොළඹ දී අද (05) මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගමය මේ බව සඳහන් කළා.
ලොතරැයි අලෙවි නියෝජිතයින් වෙනුවෙන් ලබාදෙන කොමිස් මුදල් ලබානොදීම සහ වරප්‍රසාද සහා අනෙකුත් දීමනා ලබානොදීමට එරෙහිව මෙම ක්‍රියාමාර්ගයට එළෙඹෙන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර මොණරාගල ප්‍රදේශයේ සිටින ලොතරැයි අලෙවි නියෝජිතයින් අද දිනයේ දීම ලොතරැයි අලෙවියෙන් ඉවත්ව සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
3
+1
34
+1
5
+1
4
+1
7
+1
4





