logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

හෙට දිනයේ බස් ගාස්තු අඩුවීමක් නැහැ – ගැමුණු විජේරත්න

එකඟ වූ පරිදි හෙට (01) දිනයේ දී බස් ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

අද (30) දිනයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

බස් ගාස්තු අඩු කිරීම අදාළ නිර්ණායකයන් සහ අදාළ සටහන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් බස් රථවලට ලබාදීමට කටයුතු කර නොමැති බවයි ඔහු පවසන්නේ.

මේ හේතුවෙන් හෙට (01) දිනයේ සිට බස් ගාස්තු අඩු කිරීමක් සිදුකළ නොහැකි බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඒ, අනුව හෙට (01) දිනයේ නව බස් ගාස්තුව ක්‍රියාත්මක නොවන බවයි ඔහු පැවසුවේ.

මේ අතර බස් ගාස්තු අඩුවීම අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.

හෙට (01) දිනයේ සිට 5%ක ප්‍රතිශතයකින් බස් ගාස්තු අඩු කිරීමට පසුගිය සිකුරා පැවති සාකච්ච්ඡාවකින් අනතුරුව බස් සංගම් එකඟ වී තිබුණා.

ඒ, අනුව රුපියල් 30.00ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 28.00ක් දක්වා රුපියල් දෙකකින් අඩුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?