හෙට දිනයේ දී ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් හෙට (17) දිනයේ දී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම හෙට දිනයේ දී ඌව, නැගෙනහිර පළාත්වල සහ මුලතිව් දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ සඳහන් වුණේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, දකුණ සහ උතුරු – මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30-40 පමණ තරමක තද සුළං ඇති විය හැක්ජි බවත් කාලගුණ නිවේදනයේ සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලිත්ගේ කතාව මැද හදිසියේම වේදිකාවට ගොඩවුණු තරුණයා - "මගේ පිංතූරයත් ගහගන්න කොහේහරි"
13:57
Video thumbnail
සලේගේ තත්ත්වය ගැන නලින්ගෙන් ප්‍රකාශයක්
04:20
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.16
01:01:01
Video thumbnail
ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට..?
01:48
Video thumbnail
ඛේදවාචකයක් වී ඇති අලි මිනිස් ගැටුම ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි..මාස 6න් විසඳුම් දෙනවා කිව්වා ?
03:45
Video thumbnail
සජිත් අපේ රටට මහා සම්පතක් - සජිත් ගැන අපි සතුටු වෙනවා
01:34
Video thumbnail
ප්‍රයිවට් බස්වලින් 25%ක් භූමිතෙල් දාලා දුවන්නේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
11:27
Video thumbnail
ඔව් අපි ණය ගන්නවා - සංවර්ධනය සිදු කරනවා - ණය ගෙවනවා..ණය ගැන නලින්ද ප්‍රසිද්ධියේ කියූ දේ
02:08
Video thumbnail
මැ#ණට පස්සේ වැඩක් නෑනේ ක#පලා - හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ අවධානම් ගස් කපා දමයි
01:37
Video thumbnail
කෝටි 10000ක් විනාශ වෙලා ඉවරයි
06:40