හෙට කොළඹ විරෝධතාව ගැන අන්තරෙන් දැනුම්දීමක්

කුමන බාධා පැවතිය ද හෙට දිනයේ කොළඹදී සිය විරෝධතා ව්‍යාපාරය සිදුකරන බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසනවා.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු කියාසිටියේ ජනතාවට සැබෑ නිදහසක් නොමැති මොහොතක සමරන නිදහස් උත්සවය අතර ඇත්ත නිදහස දිනාගමු යන සටන් පාඨය යටතේ විරෝධතාව සහ උද්ඝෝෂණය සිදු කරන බවයි.

හෙට දිනයේ කොළඹට පැමිණීමට අපහසු ජනතාවට තම නිවසේ හෝ වැඩබිම් අසල විරෝධතාව සිදු කළ හැකි බව වසන්ත මුදලිගේ සඳහන් කරනවා.

ඔහු කියාසිටියේ වසර 74ක් පුරා ජනතාව මුහුණ දී ඇති ගැටලුවලට පිළිතුරු සොයා ගැනීම වෙනුවෙන් මෙම විරෝධතා සිදු කරන බවයි.

පසුගිය රජයන්වල පාලකයන් රට ඇද දමා ඇති තත්ත්වයෙන් සුළු ප්‍රමාණයකින් හෝ ඉදිරියට ගෙන යාම අරමුණ බවයි වසන්ත මුදලිගේ කියාසිටියේ.

එමෙන්ම තමා අත්අඩංගුවට ගෙන රඳවා ගනු ලැබුවේ සැලසුම් සහගතව බවට ඔප්පු වී ඇති බව ද එම අවස්ථාවේ පැවති ගැටලු තවමත් එලෙසින්ම පවතින බවයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පෙන්වා දෙනවා.

එබැවින් මර්දනයට මුහුණ දෙමින් අඛණ්ඩව ජනතා ගැටලුවලට මැදිහත්වීම සිදුකරන බවයි ඔහු සඳහන් කළේ.

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුලු සිවිල් සංවිධාන මෙම විරෝධතාව සංවිධාන කර තිබුණ ද නිදහස් උත්සවයට බාධා වන ආකාරයෙන් ගාලු මුවදොර ප්‍රදේශයට විරෝධතාකරුවන්ට ඇතුලු වීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

නිදහස් සැමරුම් උළෙලට විරෝධය පළ කරමින් හෙට (04) කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතාවලට අදාළවයි අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

ගාලුමුවදොර භූමියට ඇතුළුවීමේ සියලු මාර්ග වලට එනම් ගාලුපාර, නිදහස් වටරවුම, අලියා නාන වටරවුම, මාකර් මාවත, මුහුදු මාවත, ඇතුළු සියලු මංමාවත් වලට ඇතුළුවීම වළක්වාලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළ අතර සාමකාමීව උද්ඝෝණ කිරීමට අයිතියක් ඇති බවත් එලෙස කටයුතු කළ හැකි බවයි සඳහන් කළේ.

ඒ අනුව 75 වන ජාතික නිදහස් සැමරුමට බාධා වන අයුරින් හෙට දිනයේ කිසිදු විරෝධතාවයක් නොපැවැත්විය යුතු අතර එවැන්නක් සඳහා ගාලු මුවදොර සහ ඒ අවට ප්‍රදේශයට ඇතුළුවීම ද තහනම් වනවා.

75 වන නිදහස් සැමරුම් උත්සවයට බාධා කරමින් අන්තර් විශ්ව විද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෘත්තීය සමිති ඇතුලු සංවිධාන සූදානම් කර ඇති උද්ඝෝෂණය තහනම් කරන ලෙටස කොළඹ කොටුව, කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය පොලිස් ස්ථාන මගින් කළ ඉල්ලීමක් සලකා බලමිනුයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මෙම නියෝගය ලබාදුන්නේ.

Court Order1 1
Court Order2
Court Order3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27