හෙට කොළඹ වට කරන ප්ලෑන් එක එළියට එයි

කුමන බාධක පැමිණියද ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සමග හෙට දිනයේ සමගි ජන බලවේගය කොළඹට පැමිණෙන බවත්, එලෙස ජනතාව කොළඹට පැමිණීම කිසිවෙකුට වැළැක්විය නොහැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අද (14දා) ඔහු මේ බව පැවැසීය.

“හෙට දවසේ අපි මේ රටේ දුක් විඳින ජනතාවගේ පීඩනය ආණ්ඩුවට පෙන්වීම සඳහා ශ්‍රී ලංකාවාසී සියලු දෙනාටම ආරාධනා කරලා තිබෙනවා කොළඹට එන්න කියලා.

වර්තමාන ජනාධිපතිවරයා පත්වූ පසු තම ගජමිතුරන්ට බිලියන 800ක බදු සහන ලබාදීම හරහා රාජ්‍ය ආදායම අහිමිවීමෙන් ඒක පියව ගන්න මුදල් අච්චු ගැහුවා. ඒකෙන් උද්ධමනය ඉහළ යෑමත් සමග ඩොලරය බලෙන් අල්ලන් ඉඳලා කරපු වැරදි මූල්‍ය කළමනාකරණය නිසාම අද අහස උසට බඩු මිල රොකට් එකක වේගයෙන් ඉහළ ගිහින් තිබෙනවා.

දැන් අලුත් තිරපිටපතක් එමින් තිබෙනවා මේ කබ්රාල්ව ඉවත් කළා නම් හරි කියලා. අපි පැහැදිලිව කියන්න කැමතියි දැන් ඇති. තවදුරටත් මේ විදියට මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. මෙහෙම ගියොත් දෙමව්පියන්ට එක්කෝ මංකොල්ල කන්න වෙනවා, නැතිනම් දරුවන්ව අතහැරලා දාන්න වෙනවා.

මේ ජනතාවගේ පීඩනය දැනෙන්නේ නැති ආණ්ඩුව එළවීමේ සටන තමයි අපි හෙට ආරම්භ කරන්නේ. මොන බාධක, මොන තර්ජන ආවත් හෙට ලක්ෂයකට වැඩි ජනතාවක් කොළඹට ගේනවා. අපිව නවත්වන්න ලැබෙන්නේ නෑ.

පාරෙදි හම්බවෙමු කියලා තමයි අපිට කියන්න තිබෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන,නීතිය, යුක්තිය විශ්වාස කරන සියලුම දෙනාට අපි ආරාධනා කරනවා මේ දුර්දාන්ත, ඒකාධිපති, උද්දච්ච පාලකයන්ට විරුද්ධව පෙළ ගැහෙන්න හෙට කොළඹට එන්න කියලා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06