හූති කැරළිකරුවන්ගේ ඉලක්ක වෙත ඇමරිකාවෙන් සහ එක්සත් රාජධානියෙන් ප්‍රහාර

ඇමරිකා එක්සත් ජනපද සහ එක්සත් රාජධානියේ හමුදාවන් යේමනයේ හූති කැරළිකරුවන්ගේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කළේ නොවැම්බර් මාසයේ සිට රතු මුහුදේ නැව්වලට ඉරානයේ පිටුබලය ලබන හූතිවරුන් විසින් එල්ල කරන ලද ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාර එල්ල කළ බවයි.

එමෙන්ම මෙම මෙහෙයුම සඳහා නෙදර්ලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ බහරේනය සහාය ලබා දුන් බවයි ඇමරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය රිෂි සුනක් පවසන්නේ රාජකීය ගුවන් හමුදාවේ යුධ ගුවන් යානා මෙම ඉලක්කගත ප්‍රහාර සිදුකිරීමට සහාය ලබාදුන් බවයි.

හූතිවරු යේමනයේ බොහෝ ප්‍රදේශ පාලනය කරන අතර, ඊශ්‍රායලයට යන නැව් ගමනාගමනය ඉලක්ක කර ගනිමින් මිත්‍ර හමාස් සංවිධානයට සහාය දක්වන බවට ද තොරතුරු වාර්තා වනවා.

පසුගිය නොවැම්බර් 19 වනදා සිට හූති කැරළිකරුවන් විසින් රතු මුහුදේ නෞකා වෙත ප්‍රහාර 27ක් එල්ලකර ඇති බව අමෙරිකාව පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08