හුණුගල් දුම්රියේ ගැටී සද්දන්තයෙකු රේල් පාර මැද ම මරුට

එළුවන්කුලම අංගනයේ සිට පාලාවිය දක්වා හුණුගල් ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක ගැටීමෙන් වනඅලියෙකු මියගොස් තිබෙනවා.

අද (10) අලුයම 02ට පමණ පුත්තලම – එළුවන්කුලම දුම්රිය මාර්ගයේ කරඩිපූවල් ප්‍රදේශයේ දී මෙම අනතුර සිදු වුණා.

පුත්තලම – එළුවන්කුලම අතර දුම්රිය මාර්ගය යොදා ගනු ලබන්නේ හුණුගල් ප්‍රවාහනය සඳහා යි.

එළුවන්කුලම පිහිටි හුණු ගල් අංගනයේ සිට මෙම මාර්ගයේ දුම්රියෙන් දිනපතා අවස්ථා කිහිපයක දී පාලාවියේ පිහිටි සිමෙන්ති කර්මාන්ත ශාලාවට හුණුගල් ප්‍රවාහනය සිදු කෙරෙනවා.

වනඅලියා ගැටී ඇත්තේ හුණු ගල් ප්‍රවාහනය කරමින් තිබූ එම දුම්රියක එම අවස්ථාවේ දීයි.

දුම්රියේ ගැටී මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක් පමණ වන පිරිමි වන අලියෙකු බවත් වනජීවී නිලධාරීන් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?