හුණුගල් දුම්රියේ ගැටී සද්දන්තයෙකු රේල් පාර මැද ම මරුට

එළුවන්කුලම අංගනයේ සිට පාලාවිය දක්වා හුණුගල් ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක ගැටීමෙන් වනඅලියෙකු මියගොස් තිබෙනවා.

අද (10) අලුයම 02ට පමණ පුත්තලම – එළුවන්කුලම දුම්රිය මාර්ගයේ කරඩිපූවල් ප්‍රදේශයේ දී මෙම අනතුර සිදු වුණා.

පුත්තලම – එළුවන්කුලම අතර දුම්රිය මාර්ගය යොදා ගනු ලබන්නේ හුණුගල් ප්‍රවාහනය සඳහා යි.

එළුවන්කුලම පිහිටි හුණු ගල් අංගනයේ සිට මෙම මාර්ගයේ දුම්රියෙන් දිනපතා අවස්ථා කිහිපයක දී පාලාවියේ පිහිටි සිමෙන්ති කර්මාන්ත ශාලාවට හුණුගල් ප්‍රවාහනය සිදු කෙරෙනවා.

වනඅලියා ගැටී ඇත්තේ හුණු ගල් ප්‍රවාහනය කරමින් තිබූ එම දුම්රියක එම අවස්ථාවේ දීයි.

දුම්රියේ ගැටී මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක් පමණ වන පිරිමි වන අලියෙකු බවත් වනජීවී නිලධාරීන් පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10