හිලරි කැලිෆෝනියාව සහ මෙක්සිකෝව දෙසට

පැයට කිලෝමීටර් 215ක් වේගයෙන් හමා යන හිලරි (Hilary) සුළි කුණාටුවක මෙක්සිකෝව සහ නිරිතදිග එක්සත් ජනපදය දෙසට ගමන් කරමින් පවතිනවා.

4 වන කාණ්ඩයේ කුණාටුව සෙනසුරාදා මෙක්සිකානු ප්‍රාන්තයක් වන Baja California වෙත පැමිණෙනු ඇති බවටයි අනාවැකි පළවී ඇත්තේ.

කාලගුණ අනාවැකිකරුවන් පවසන්නේ පසුව එහි වේගය අඩු වී නිවර්තන කුණාටුවක් බවට පත්වන අතර මෙමගින් දකුණු කැලිෆෝනියා ප්‍රාන්තයේ ගංවතුර තත්වයන් ද නිර්මාණය වනු ඇති බවයි.

මෙය වසර 80කට පමණ කාලයකට පසු කැලිෆෝනියාවට බලපෑ පළමු නිවර්තන කුණාටුව ලෙසටයි සැලකෙන්නේ.

කුණාටුව ගමන් ගන්නා මාර්ගයේ සිටින ජනතාවගෙන් ජනාධිපති ජෝ බයිඩ්න් ඉල්ලා සිටින්නේ පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙසට සහ නිලධාරීන්ගේ මග පෙන්වීමට සවන් දෙන ලෙසයි.

ජාතික කාලගුණ සේවය (NWS) පැවසුවේ, ඇතැම් ප්‍රදේශවලට අඟල් 3-6 (සෙ.මී. 7-15) දක්වා සහ තවත් ප්‍රදේශවලට අඟල් 10 දක්වා අධික වර්ෂාපතනයක් ඇතිවීමේ හැකියාව ඇති බවයි.

සිකුරාදා රාත්‍රිය වන විට, සුළි කුණාටුව මෙක්සිකෝවේ දකුණු මායිමේ සිට සැතපුම් 285 ක් නිරිත දෙසින් පැවතුණා.

මෙක්සිකෝවේ ඇතැම් කොටස් මේ වන විට නිවර්තන කුණාටුවක් යටතේ පවතින අතර, එහි රජය ගලවා ගැනීමේ සහ සහන කටයුතු සඳහා සහය වීමට සොල්දාදුවන් 18,000ක් සූදානම් කර තිබෙනවා.

හිලරි සුළි කුණාටුව දකුණු කැලිෆෝනියාවට ළඟා වීමට පෙර ඉරිදා සවස් කාලය වන විට නිවර්තන කුණාටුවක් දක්වා දුර්වල වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ලබන බදාදා දක්වා පවතිනු ඇතැයි අපේක්ෂිත අධික වර්ෂාපතනය නිරිතදිග එක්සත් ජනපදයේ කොටස්වලට දරුණු ගංවතුරක් ගෙන එනු ඇතැයි අපේක්ෂිතයි.

මෙම කුණාටුව හමුවේ කැලිෆෝනියාවේ පැවැත්වීමට නියමිතව තිබූ මේජර් ලීග් බේස්බෝල් තරඟ තුනක් ප්‍රමාද කර ඇති අතර ස්පේස්එක්ස් මධ්‍යම කැලිෆෝනියා වෙරළ තීරයේ සිට රොකට්ටුවක් දියත් කිරීම ද සඳුදා දක්වා ප්‍රමාද කර තිබෙනවා.

ජාතික වනෝද්‍යාන සේවය විසින් කැලිෆෝනියාවේ ජෝෂුවා ජාතික වනෝද්‍යානය සහ මොජාවේ ජාතික සංරක්‍ෂණය ද වසා දමා ඇත්තේ ගංවතුර තත්ත්වයකදී සංචාරකයන් ඇතුළු නරඹන්නන් අමුත්තන් අතරමං වීම වැළැක්වීම සඳහායි.

ඇරිසෝනා ඇතුළු කලාපය පුරා නගරවල ප්‍රාදේශීය නිලධාරීන් ගංවතුරෙන් තම දේපළ ආරක්ෂා කර ගැනීමට නිවැසියන්ට වැලි කොට්ට පිරිනමා තිබෙනවා.

සුළි කුණාටු සහ නිවර්තන කුණාටු මෙක්සිකෝවේ තරමක් සුලබ සිදුවීමක්.

නමුත් නිවර්තන කුණාටුවක් සාගරයෙන් පිටතට පැමිණ කැලිෆෝනියාවට ගොඩබිමට පැමිණීම ඉතා දුර්ලභ බවයි සැන් ඩියාගෝහි ජාතික කාලගුණ සේවය ප්‍රකාශ කළේ.

අවසන් වරට නිවර්තන කුණාටුවක් දකුණු කැලිෆෝනියාවේ ගොඩබිමට කඩා වැදුණේ 1939 දී ලෝන්ග් බීච් ප්‍රදේශයට යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09