Empty Ad
AFC Banner
AFC Banner

හිරුණිකා නිදහස් කිරීමට නියෝග (වීඩියෝ)

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක විභාගය අවසන් කළ අභියාචනාධිකරණය ඇයව එම චෝදනාවලින් නිදහස් කිරීමට අද (04) නියෝග කළා.

ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදෙනු ලැබූ නියෝගයක් සම්බන්ධයෙන් තමන් ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පළ කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බවත් මින් ඉදිරියට එවැනි ප්‍රකාශ සිදු නොකරන බවටත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය නීතිඥවරයා මාර්ගයෙන් දැනුම්දීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?