AFC Banner
AFC Banner
Empty Ad

UPDATE: හිරුණිකාට නිකුත් වූ වරෙන්තුව මෝසමක් නිසා ආපසු කැඳවෙයි

නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම නඩුව අද (10) පෙරවරුවේ කැඳවූ අවස්ථාවේ දී සැකකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මලි මහත්මිය අද වරෙන්තුවක් නිකුත් කෙරුණා.

පසුව මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයේ පෙනී සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තමන් වෙනුවෙන් නිකුත් කළ වරෙන්තු ආපසු කැඳවන ලෙස සිය නීතිඥවරු මාර්ගයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ වරෙන්තු ආපසු කැඳවීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?