නිධන් වස්තු සෙවීමේ අරමුණ ඇතිව කැණීම් කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයින් 05 දෙනෙකුව නවගත්තේගම පොලීසිය විසින් ඉකුත් 05 වැනිදා රාත්‍රී 11.45 ට පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නවගත්තේගම – මුල්ලේගම ප්‍රදේශයේදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ නවගත්ගේම – මුල්ගේම සහ ආඩිගම – ගල්කුලිය,පුනවිටිය,පදිංචිකරුවන් පිරිසක්.
මුල්ලේගම – ගල්වංගුව ප්‍රදේශයේ නිවසක් පිටුපස ඇති ඉඩමේ කිසියම් පිරිසක් නිධානයක් ගොඩ දැමීමට සුදානම් වන බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.
වැටලීම සිදු කරන විට සැකකරුවන් නිධානය ගොඩ දැමීම සදහා අවශ්‍ය කටයුතු සිදු කරමින් සිට තිබෙනවා. එම ස්ථානයේ තිබූ කැණීම් සදහා යොදා ගන්නා උපකරණ සහ පූජා භාණ්ඩද කීපයක්ද වැටලීම කළ නිලධාරීන් තම භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.














