AFC Banner
Empty Ad
Empty Ad

හිමිනමක් සියදිවි හානිකර ගනියි

වැලිකන්ද, මඟුල්පොකුණ සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමක් විහාරස්ථානයේ ආවාසය තුළ ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව වැලිකන්ද පොලිසිය පවසනවා.

මෙලෙස දිවි තොර කරගෙන ඇත්තේ වයස අවුරුදු 64 ක් වයසැති අරලගංවිල සෝභිතාලංකාර හිමියන් බව ඒ සම්බන්ධව පරීක්ෂණ පවත්වන වැලිකන්ද පොලිසිය සඳහන් කරනවා.

උන්වහන්සේ වකුගඩු රෝගය, මීමැස්මුරය, හතිය ඇතුළු වේදනාකාරී රෝග කීපයකින් පෙළුන හිමිනමක් බවයි පොලිසිය පවසන්නේ.

හිමිනම ගෙල වැලලා ගන්නා ආකාරය විහාරස්ථානයේ තිබූ ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබෙන බව ද වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළා.

හිමිනම ගෙල වැලලාගන්නා විට නායක ස්වාමීන් වහන්සේ විහාරස්ථානයේ සැතපී සිට ඇති බවද පොලිසිය සඳහන් කරනවා.

වැලිකන්ද පොලීසිය විසින් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
6
+1
0
+1
2
+1
16
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?