AFC Banner
Empty Ad
Empty Ad

හිමිනමකගෙන් කප්පම් ඉල්ලූ නෝර්ටන්බ්‍රිජ් පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුලු 6 දෙනා රිමාන්ඩ්

පොලිස් වෙසින් පැමිණ බලපිටිය විහාරස්ථානයක නායක හිමියන්ගෙන් රුපියල් ලක්ෂ 50ක කප්පමක් ලබා ගැනීමට උත්සාහ කළ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් නෝර්ටන්බ්‍රිජ් පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු 6 දෙනෙකු ලබන මස දෙවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙම පුද්ගලයින් පසුගිය 18 වනදා අත්අඩංගුවට පත් වු අතර, අපරාධ විමර්ශන කොට්ඨාශයකින් බව පවසා අදාළ විහාරස්ථානයේ ලිපි ලේඛන පරීක්ෂා කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ. පොලීසිය සිදුකළ විමර්ශනවලදී බලපිටිය ප්‍රදේශයේ නිවසක සැගව සිටියදී මොවුන් පසුව අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ සම්බන්ධව මිට පෙර අප පල කල පුවත මෙතනින් – පොලිස් වෙසින් පැමිණ බලපිටිය විහාරාධිපතිගෙන් ලක්ෂ 50ක් ඉල්ලු හොරු

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?